කොළඹ ගාලු මුවදොර දින 10 ක් පුරාවට පැවැත්වෙන විරෝධතාවය වෙරළ සාදයක් (Beach Party) යැයි සදහන් කරමින් දිලිත් ජයවීර මහතාට අයත් අද දෙරණ 24 නාළිකාවේ වැඩසටහනක් විකාශය කර තිබෙනවා.
එහි මහේෂ් ජොනී නම් නිවේදකයා දිගින් දිගටම අදාළ විරෝධතාවය සැහැල්ලුවට ලක්කරමින් එය දැඩිව විවේචනයකට ලක්කළා.
එය සාධාරණීකරණය කරගැනීම සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියද එක්කරගෙන තිබුණා.
ශර්මිලා රාජපක්ෂ මහත්මිය යනු ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලැබූ අයෙකි.
මෙහිදී ඔවුන් ප්‍රශ්න කර සිටියේ ගාලු මුවදොර විරෝධතාවයක් කියා පැවැත්වෙන මෙම වෙරළ සාදය මගින් මේ වන විට රටේ පවත්නා ඩොලර් අර්බුදයට විසදුම් ලැබේද යන්නයි.
එමෙන්ම මෙලෙස විරෝධතාවය දැක්වීමට ඔවුන්ට මුදල් ලබාදෙන්නේ කවුරුන්දැයි අද දෙරණ නිවේදකයා ප්‍රශ්න කර සිටිනවා.
තවද කාගේ න්‍යාය පත්‍රයක් අනුව මෙම වෙරළ සාදය පවත්වන්නේ දැයි අද දෙරණ 24 නාලිකාව මෙහිදී නැවත නැවතත් ප්‍රශ්න කළා.