26 C
Colombo
Sunday, December 3, 2023

ඉන්න බැරි තරම් රස්නෙයි නේද ?

- Advertisement -

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට,

  1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
  2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
  3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
  4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
  5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
  6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.

එම නිසා මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...