අයිවරි කෝස්ට් අගමැති හා කැබිනට් මණ්ඩලය දොට්ට

අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා. රොයිටස් පුවත් සේවය පැවසුවේ එරට ජනාධිපතිවරයා විසින් අගමැති පැට්‍රික් ආචි සහ ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් භාරගෙන ඇති බවයි. අද (13) එරට වාණිජ අගනුවර වන අබිඩ්ජාන් නුවර පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකදී මෙම ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා.