32 C
Colombo
Friday, April 19, 2024

ජැක්සන් ඇන්තනීගේ දියණිය නිරෝධායනයට (VIDEO)

- Advertisement -

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ශැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රවීණ රංගණ ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් එම උපන්දින සාදය පවත්වා තිබුණි.

ඒ සම්බන්ධයෙන්, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් තුන් දෙනෙකු අද (04) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මෑණියන් වන 73 හැවිරිදි කුරුවිට ගමගේ ගුණවතී සිල්වා, ඔහුගේ ඥාති දියණියක් වන 16 හැවිරිදි කේ.ජී. අනර්කලී ආකර්ෂා සහ මාධවී ඇන්තනි යන අය ද ඇතුළත් වුණා.

මෙහිදී මාධවී ඇන්තනී නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොරෝනා ආසාදිතයින් නිවසේ දී නිරෝධායනයට ලක් කිරීම රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී ඇතැයි සඳහන් කළා. ඒ අනුව මෙම සැකකරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය අධිකරනයෙන් ඉල්ලා සිටියා.

එහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ පිළිබඳව තීරණය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බව පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියම කළා.

තමන් නිරෝධායනය වෙත යොමුවන බවට සටහනක් මාධවීන් වත්සලා ඇන්තනී සිය ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...