27.8 C
Colombo
Thursday, July 17, 2025

ජැක්සන්ගේ බෑනා මානව හිමිකම් යයි

- Advertisement -

පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා නීතිඥවරුත් සමඟ අද (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණ තිබෙනවා.

අතුරුගිරිය පොලිස් ස්ථානයෙන් තමන්ට සිදු වූ මානසික සහ ශාරීරික හිංසනයන්ට එරෙහිව මෙන්ම අනීතිකව අත්අඩංගුවට ගැනීමේ චෝදනා සම්බන්ධයෙනුයි ඔහු සිය පැමිණිල්ල කර ඇත්තේ.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිදුවීම සිදු වූ අවස්ථාවේ දී තමන් නිවසට මීටර් 50ක් පමණ දුරකින් පිහිටි වෙළෙඳසැලකට යමින් සිටියදී පොලිස් ත්‍රීවිල් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලූ බවත් පොලීසිය තමාට පරුෂ වචනයෙන් බැන වදිමින් අනීතික ලෙස අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කෙරෙන අතර තාවකාලික ස්ථාන මාරුවීම් ද ලබා දී තිබෙනවා.

නමුත් මෙම සිදුවීමට සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබා දෙන මෙන් තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එම නිලධාරින් මාරු කර යවා ඇති නමුත් ඔවුන්ට දඬුවමක් ලබාදී නොමැති බවයි ඔහු පවසන්නේ.

තමන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ජැක්සන් ඇන්තනී මහතාගේ බෑණා ලෙසට නොවන බවත්, සිවිල් පුරවැසියෙකු ලෙස අනීතිකව තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක් තමන් සටන් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමින් ඔහු මෙලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කසුන් මහේන්ද්‍ර හීනටිගල,

”මිනිස් අයිතිවාසිකම් කියන්නෙ රටේ ඉන්න, ලෝකෙ ඉන්න හැම මානවයට ම ලැබෙන අයිතීන්. ඉතින් මමත් මේ රටේ පුරවැසියෙක්. පුරවැසි අයිතීන් සුරක්ෂිත කරන්න ඕනි රාජ්‍යයෙන්. ඒ වගේම නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරීන්ම තමයි මේවා ආරක්ෂා කරන්න ඕනි. ඔවුන්ගෙන්ම අපේ මිනිස් අයිතිවාසිකම් කඩ වෙනවා නම් අපිට වෙන සරණක් නෑ. ඔවුන්ට විරුද්ධව අනිවාර්‍යයෙන්ම පියවර ගන්න ඕනි.

ඔහු එවැනි විමර්ශනයක් තියෙද්දිත් අතුරුගිරියේ පොලිස් ස්ථානාධිපති විසින් යූටියුබ් නාලිකාවන්ට සාකච්ඡාවන් දෙනවා ඔහුගේ දුරකථන අංකයත් එක්ක. මම මේ කියන්නේ මේ රටේ පොලිස්පතිතුමා ඇතුළු මේ පොලිස් නිලධාරීන් මම නීතිවේදියෙක් අපි නීතිය දන්නවා. එතකොට විමර්ශනයක් යනකොට ඒ අදාළ කටයුත්ත ගැන ලෝකෙට ප්‍රකාශ කරන්නේ මාධ්‍යට දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පත්වෙලා ඉන්නෙත් ඒ දේ කරන්නත් එක්ක. එතකොට මේ පැමිණිල්ලේ ප්‍රධාන වගඋත්තරකරුවෙක් වන අතුරුගිරිය පොලිසියේ OIC පෞද්ගලික youtube නාලිකාවකට ඉතාම බොරු පවසමින් තමන්ගේ රැකියාවේ තියෙන නෛතික ජීව ගුණය පාවාදෙමින් ඔහු ඔහුට සිතැඟි පරිදි ප්‍රකාශ කරනවා නම් මං හිතන්නේ නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕනේ ඔහුට ඔහු කරන්නේ ඔහුගේ රැකියාවට බරපතල වරදක්”

RECENT ARTICLES - SINHALA

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

POPULAR ARTICLES