27.2 C
Colombo
Saturday, June 21, 2025

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

- Advertisement -

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිය නිවස ඉදිරිපිට වෙළෙඳ සැලකට යමින් සිටියදී හැදුනුම්පත සන්තකයේ නොමැති වීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත ඊයේ (20) දින සවස අතුරුගිරිය පොලිසිය විසින් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් සටහනක්ද තබා තිබුණා.

එම අවස්ථාවේදී ඔහුට බීමත්ව සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අසභ්‍ය වචනවලින් බැන වදිමින් අඩත්තේටම්වලට ලක් කළ බවට එමඟින් ඔහු චෝදනා කර තිබුණා.

අද පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කසුන් මහේන්ද්‍ර සඳහන් කළේ සිය අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් පසු පැය 2ක කාලයක්ද තමාව පොලීසියේ අනීතිකව රඳවා තබා ගත් බවයි.

එම අවස්ථාවේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පතද රැගෙන පොලීසියට පැමිණි බිරිඳ මාධවී ඇන්තනී සහ සොහොයුරිය වෙත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා අපහාසාත්මක ප්‍රකාශ සිදු කරමින් බැණ වැදුණු බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

මෙම සිදුවීමට සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබා දෙන මෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසන්නේ අදාළ සිදුවීම සහ එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත බවයි

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES