26 C
Colombo
Thursday, April 18, 2024

ජඩේජාට උසස්වීමක් – රාහුල්ගේ වටිනාකම අඩුවෙයි

- Advertisement -

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නවතම වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී රවින්ද්‍ර ජඩේජා A+ කාණ්ඩයට උසස් කර තිබෙනවා.

එම කාණ්ඩයේ රැඳී සිටින සෙසු ක්‍රීඩකයින් වන්නේ විරාත් කෝලි, රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රායි.

පිළිවෙලින් B සහ C කාණ්ඩවල සිටි අක්සාර් පටෙල් සහ හර්ඩික් පාන්ඩ්‍යා A කාණ්ඩයට උසස්වීම් ලැබ තිබෙනවා.

කේ එල් රාහුල් A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා පහත හෙළීම කැපී පෙනනවා.

ෂුබ්මන් ගිල් සහ සූර්යකුමාර් යාදෙව් C කාණ්ඩයේ සිට B කාණ්ඩයට උසස්වීම ලැබුවා.

කුල්දීප් යාදෙව්, ඉෂාන් කිෂාන්, දීපක් හූඩා, සංජු සැම්සන්, අර්ෂ්දීප් සිං, කේ එස් භාරත් කොන්ත්‍රාත් ගිවිසුම් ලැබූ නව ක්‍රීඩකයින් ලෙස C කාණ්ඩයට ඇතුලත්ව සිටිනවා.

මීට පෙර B කාණ්ඩයට ඇතුලත්ව සිටි අජින්ක්යා රහානේ සහ ඉෂාන් ෂර්මාට  මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා නැහැ.

භුවනේෂ්කුමාර්, හනුමා විහාරි, දීපක් චහාර්, මයන්ක් අග්‍රවාල් සහ  විර්දිමාන් සහා කොන්ත්‍රාත් ගිවිසුම්  අහිමි සෙසු ක්‍රීඩකයින් වනවා.

A+ කොන්ත්‍රාත් වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 7ක්.

A කොන්ත්‍රාත් වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 5ක් සහ B කොන්ත්‍රාත් වටිනාකම කෝටි 3ක් වනවා.

C කොන්ත්‍රාත් ගිවිසුමක වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩක කොන්ත්‍රාත් පිරිනැමුණේ පහත පරිදියි.

A+ කාණ්ඩය – රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා

A කාණ්ඩය    – හර්දික් පාන්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් ෂමී, රිෂාබ් පාන්ට් සහ අක්සාර් පටෙල්

B කාණ්ඩය    – චේතේෂ්වර් පුජාරා, කේඑල් රාහුල්, ෂීයර්ස් අයියර්, මොහොමඩ් සිරාජ්, සූර්යකුමාර් යාදෙව් සහ ෂුබ්නම් ගිල්

C කාණ්ඩය    – උමේෂ් යාදෙව්, ෂිකර් ධවාන්, ෂර්දුල් ථාකූර්, ඉෂාන් කිෂාන්, දීපක් හූඩා, යුස්වේන්ද්‍ර චහල්, කුල්දීප් යාදෙව්, වොෂින්ටං සුන්දර්, සංජු සැම්සන්, අර්ෂ්දීප් සිං සහ කේඑස් භාරත්

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි

එක් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් හේතුවෙන් තමා රැවටීමට ලක් වූ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අගරදගුරු...

අරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...