කොවිඩ් නොතකා යාපනය – නාචිමාර් කෝවිලේ පූජාවක්

යාපනය දිස්ත්‍රික්කයේ ඉරුපාලි නැගෙනහිර පිහිටි නාචිමාර් කෝවිලේ ඊයේ (26) දිනයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පූජාවක් පවත්වා තිබෙනවා. මේ සඳහා හින්දු බැතුමතුන් දහස් ගණනක් සහභාගීවී ඇතත් ඊට සෞඛ්‍ය අංශ කිසිදු මැදිහත්වීමක් කර තිබුණේ නැහැ. මීට සතියකට පමණ පෙර දහස් ගණනක බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ ‘තීර්තම්’ හෙවත් දියකැපීමේ මංගල්‍යයද පවත්වා තිබුණා.