27.2 C
Colombo
Saturday, June 21, 2025

බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

- Advertisement -

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් එදිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට දැනුම්දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වා තිබුණා.

ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනවලදී පැවැත්වීමට නොහැකි විය.

එම නිසා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔක්තෝබර් මස 05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES