පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
මේ වනවිට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 දෙනකුකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවන වරටත් පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.