30.6 C
Colombo
Thursday, April 25, 2024

ජනවාරි මැද ලංකාවට සංචාරකයන් එනවා- වැඩේ වෙන්නෙ මෙහෙමයි

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වය දරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වන විට ජනවාරි මාසයේ දෙවැනි සතිය වන විට සංචාරක කර්මාන්තය නැවත විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී බාධාවකින් තොරව සංචාරකයන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට රට තුළට ඇතුළුවීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ සඳහා පීසීආර් පරීක්ෂණ වැඩි සංඛ්‍යාවක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇත. එහිදී රටට ඇතුළුවන පුද්ගලයන් සියළුදෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමට සැලසුම් කර ඇත. රටට ඇතුළුවන සංචාරකයන් සිටින හෝටල්වලටම පැමිණ පරීක්ෂණ කිරීමට සැලසුම් කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ මේ වන විට ලෝකයේ වෙනත් රටවලද සෞඛ්‍යාරක්ෂාව සඳහා තද ක්‍රියාමාර්ග සහිතව  දේශසීමා විවෘත කර ඇති බවය.

ඒ අනුව ඉදිරියේදී පෞද්ගලික අංශයේ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමටත් සැලසුම් කර ඇත. දිනකට පෞද්ගලික අංශයෙන් සිදු කරන පරීක්ෂණ 3000ක් බවත්, ඒ සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ පෞද්ගලික රෝහල් සමග සාකච්ඡා කළ යුතු බවත් පෙන්වා දී ඇත.

මේ පිළිබඳ පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වා ඇත. ඒ සඳහා සෞඛ්‍ය, සංචාරක සහ ගුවන් ක්ෂේත්‍රවල පිරිස් සහභාගී වී ඇත. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ එයට සහභාගී වී ඇත. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරැන් වන ඩී.වී. චානක, චන්න ජයසුමන, නිමල් ලාන්සා එයට සහභාගී වී ඇත. සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් ඊට අමතරව එයට සහභාගී වී තිබේ.

RECENT ARTICLES - SINHALA

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...