26.1 C
Colombo
Sunday, May 18, 2025

නවත්තපු වැඩ අනුර එක්ක පටන් ගන්න ජපානේ කැමති වෙලා

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළා.

ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා මේ බව පවසා තිබුණා.

ඒ අනුව ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බව ජපාන තානාපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මීට ඇතුළත් බව ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES