ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා එරට නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ තේරිපත්ව තිබෙනවා.
ජපාන මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නව අගමැතිවරයාගේ සැලසුම වි තිබෙනවා.
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂ නායකත්වයෙන් පසුගිය දා ඉවත්වුණා.
ටෝකියෝ හිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පාලක පක්ෂයේ මීළඟ නායකත්ව ඡන්දයට තමන් ඉදිරිපත් නොවන බවයි.
67 හැවිරිදි ෆුමියෝ කිෂිඩා 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී පාලක පක්ෂ නායකත්වයට පත්වූයේ තෙවසරක අගමැති කාලයක් ද සමඟින්.