26 C
Colombo
Friday, March 29, 2024

ෆේල් වූ ජපාන නායකයා ඉල්ලා අස් වේ

- Advertisement -

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ජපානයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව The New York Times වාර්තා කරනවා.

නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් 2020 වසරේදී යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්‍රාමාත්‍ව්රයා ලෙස තේරීපත්විය.

72හැවරදි සුගා ජපානයේ අගමැති වී වසරකටත් අඩු කාලයකදී මෙසේ ඉල්ලා අස්වීම විශේෂත්වයක්.

කොවිඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් සුගාගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහළ ගියේ ඔහු ඉතිහාසයේ වැඩිම අප්‍රසාදයට පත් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරමින්

ඒ අනුව, තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිය පක්ෂයේ නායකයා ලෙස නැවතත් ඡන්දයකට ෛදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බවත් යෝෂිහයිඩ් සුගා ඊයේ (03) කියා සිටියා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ.

ජපානයේ කොවිඩ් රෝගීන් මිලියන 1.5කට ආසන්නව වාර්තා වී ඇති අතර එරට එන්නත් ලබාදීමද මන්දගාමී වී තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...