28.2 C
Colombo
Saturday, April 20, 2024

සියලු රාජකීය වරප්‍රසාද අත්හරමින් ජපානයේ මාකෝ කුමරිය සාමන්‍ය පවුලක පෙම්වතා විවාහ කරගනී

- Advertisement -

සිය රාජකීය තත්ත්වයන් සියල්ල අහිමි කරගනිමින් ජපානයේ මාකෝ කුමරිය ඇගේ විද්‍යාලයීය පෙම්වතා විවාහ කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇයගේ අත ගත්තේ සාමන්‍ය පවුල් පසුබිමක් සහිත කී කුමුරෝ ය.

ජපන් නීතිය යටතේ අධිරාජ්‍යවාදී පවුල්වල කාන්තා සාමාජිකයන් සාමාන්‍ය කෙනෙකු සමඟ විවාහ වුවහොත් ඔවුන්ගේ රාජකීය තත්ත්වයන් සියල්ල අහිමි වී යන බවයි සඳහන් වෙන්නේ.

ඇය රාජකීය විවාහ මංගල්‍යයේ සාමාන්‍ය චාරිත්‍ර ද මඟ හැර ඇති අතර රාජකීය පවුලේ කාන්තාවන් පවුලෙන් වෙන් වූ පසු පිරිනමන ගෙවීමක් ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව එම අවස්ථා දෙකම මඟ හැරුණු රාජකීය පවුලේ ප්‍රථම කාන්තාව ඇයයි.

මාකෝ කුමරිය සිය විවාහ ලියාපදිංචි කිරීම් සඳහා අඟහරුවාදා ඇගේ ටෝකියෝ නිවසින් පිටත් වූ අතර ඇගේ පියා වන ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරුට සහ කිකෝ කුමරිය ඉදිරියේ කිහිප විටක්ම වැඳ වැටුණු බවත් ඇගේ සහෝදරයන් බොහෝ වේලවක් වැළඳ ගෙන සිටි බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මාකෝ කුමරියගේ ආදර සම්බන්ධය රට තුළ ආන්දෝලන්යට තුඩු දුන් අතර වසර ගණනාවක් පුරා යුවළ වටා විශාල මාධ්‍ය ආවරණයක් පැවතීම නිසාම කුමරිය මානසික ආතති තත්ත්වයකින් ද පෙළුණු බව ඒ අතර සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...