ප්‍රවීණම සැක්සෆෝන් වාදකයෙකු මෙන්ම ජනප්‍රිය ගායකයෙකු ද වන ජයන්ත දිසානායක මහතාගේ සැක්සෆෝනය කිසිවෙකු හෝ විසින් සොරකම් කර තිබෙනවා.
ගායන ශිල්පී දයාන් විතාරණ මහතා ෆේස් බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජයන්ත දිසානායක මහතාගේ නිවසට කඩා පැන ඇති කිසියම් පුද්ගලයෙක් ඔහුගේ Tenor සැක්සෆෝනය සොරකම් කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම්, 077 996 8186 යන දුරකථන අංකයෙන් ජයන්ත දිසානායක මහතා වෙත දැනුම් දෙන ලෙසද දයාන් විතාරණ මහතා ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් දයාන් විතාරණ මහතා ෆේස් බුක්හි පළ කළ සටහන පහතින්,
“මේ ඔබේ උදව් අවැසිම මොහොතක් ………………..
අපට සිටින අංක එකේ ප්‍රවීණතම සැක්සෆෝන් වාදකයෙකු මෙන්ම ජනප්‍රිය ගායකයෙකු ද වන විශාරද ජයන්ත දිසානායකයන්ගේ Tenor සැක්සෆෝනය කිසිවෙකු විසින් නිවසට කඩා පැන සොරකම් කර ඇති අතර, එය සොයා ගැනීමට හෝ සොරාගත් අය නීතියට හසු කරගැනීම වෙනුවෙන් ඔබ සැමගේ උදව් උපකාර සහ දැනුවත් කිරීම් මේ මොහොතේ ජයන්ත ඇතුළු පවුලේ සැමට මහඟු අස්වැසිල්ලකි.
මට මගේ කැමරාව යමෙකු සොරාගත්තේ නම් වේදනාවක් දැනෙන්නේ යම් සේ ද, සැක්සෆෝනයෙන් ජීවිකාව ගෙන ගිය සහ සංගීතය සමග ආත්මගත බැඳීමක් ඇති ජයන්ත මේ මොහොතේ එම අහිමිවීම කෙසේ දරාගන්නේ ද යන වේදනාව මම දනිමි.
අනෙක් අතට මේ දිනවල පවා ජනප්‍රියත්වයේම බැබළෙමින් සිටින ඔහුගේ පුතුන් වන තනුර මධුගීත් සහ හිමාෂ මනුප්‍රිය පුතුන් ද ඇතුළු ජයන්තගේ මුළු පවුලම කලා ලොවේ කාටත් ලැදි, අහිංසකව මෙන්ම සාධාරණව ජීවත්වන පවුලකි. එනිසා මේ මොහොතේ අප සැම එක්ව ඔවුන් හා මෙම සොරා සොයාගැනීමට වෙහෙසිය යුතු ය.
ඔබට යම් තොරතුරක් ලදොත් 077 996 8186 යන අංකයෙන් ජයන්තව සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමි !!! ”