29 C
Colombo
Friday, June 2, 2023

Breaking: බැසිල් වෙනුවෙන් ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සලසා දීම සඳහා එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට මේ වන විටත් භාරදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

1991 කඩුවෙල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා එහි විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළා.

අනතුරුව 1997 වසරේ නැවතත් එම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ අතර 2000 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එවක ඔහු නියෝජනය කල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සදහාය.

පසුව ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග 2014 වසරේ එක්වුණා.

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසට ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් වුණා.

අනතුරුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පිවිසියා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...