29 C
Colombo
Saturday, January 18, 2025

ජෙරම්ගේ වීඩියෝවට පාර්ශව රැසකින් විරෝධය

- Advertisement -

ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබෙනවා.

දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පැමිණ මල්වතු හා අස්ගිරි මහාවිහාර දැනුම්වත් කළ අවස්ථාවේදී නා හිමිවරුන් ඊයේ (24) මෙම අදහස් පළ කර සිටියා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා පවත්වන කිසියම් ආගමික වැඩසටහනක චීවරයකින් සැරසුණු පුද්ගලයෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත පසුගිය දිනවල මුදාහැර තිබු අතර එවැනි සිදුවීම් හෙළා දකිමින් කාදිනල් හිමිපාණන්ද පෙරේදා (23) ප්‍රකාශයක් සිදු කළා.

මෙවන් පසුබිමක ඒ පිළිබඳ දැනුම්ත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ රාවණා බලය සහ සිංහලේ යන සංවිධානවල භික්ෂුන්වහන්සේ, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා.

එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් නීතියානුකූල ලෙස කටයුතු කළයුතු බවයි.

මේ අතර, ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්දමහනුවරට පැමිණ දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල නා හිමිවරුන් දැනුම්වත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

POPULAR ARTICLES