25 C
Colombo
Sunday, December 10, 2023

පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල රැකියා

- Advertisement -

අවුරුදු 16ත් 20ත් අතර වයසේ පසු වන පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ළමයින් රැකියා කිරීමේ පරිසරයකට හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතු ව ඇති බවයි විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අවධානය යොමු වී ඇත්තේ.

එම නිසා මෙම වයස්වල පසුවන තරුණයන්ට මසකට පැය 20ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කිරීමට අවස්ථාව ලබාදීමට එහි දී තීරණය වී ඇති අතර එම කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබාදීමට ද නියමිත යි.

මේ අතර, පස්වරු 6න් පසු කාන්තාවන්ට සේවයේ යෙදීමට හැකිවන පරිදි සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...