චීනයේ ආර්ථික අවභාවිතය සහ බලහත්කාරය වැළැක්වීම සදහා එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුරෝපා රටවලින් ඉල්ලීමක් කර තිබේ.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ පැවති මියුනිච් සමුලුවට එක්වෙමිනි.
චීනය විසින් තාක්ෂණය ,කෘතිම බුද්ධිය සහ ජෛව තාක්ෂණය විරැද්ධ මත පාලනය කිරීම සදහා යොදා ගන්නා බවට මෙහිදී චෝදනා කර ඇති ඇමරිකානු ජනාධිපතිවරයා එම අංශ මිනිසාගේ සුබසිද්ධිය සදහා යොදා ගැනීමට එක්ව පියවර ගත යුතු බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති ජෝ බයිඩන් එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ යුරෝපය සහ ඇමරිකාව එක්ව ආසියා පැසිෆික් කලාපයේ රටවල්වලද සහයෙන් කටයුතු කළහොත් මෙම අභියෝග ජයගැනීම අසීරැ නොවන බවයි.