ආදරය සම්බන්ධයෙන් තමන්ගේ තෝරාගැනීම මත පදනම්ව පුද්ගලයන් බෙදා වෙන් කර කොන් කිරීම කිසිඳු රටක ප්‍රතිපත්තිය නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
LGBTQIA+ සමාජයේ අයිතීන් වෙනුවෙන් සියළු දෙනා එක්ව නැගී සිටිය යුතු බවත් වෛරය, වෙනස් කොට සැලකීම සහ නොසලකා හැරීමට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප සියළු දෙනාට වගකීමක් ඇති බවත් ඒ මහතා මෙම සටහනෙන් අවධාරණය කර සිටිනවා.
LGBTQIA+ සමාජයේ අයිතීන් සම්බන්ධයෙන් කෙරෙන කතා බහ වෙනුවෙන් ජාත්‍යන්තරව මෙම මාසය වෙන් වී තිබෙනවා.
