28 C
Colombo
Thursday, January 16, 2025

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

- Advertisement -

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක් තිස්සේ පැවති නඩුවෙන් එහි සියලු විත්තිකරුවන් නිදහස් කර තිබෙනවා.

2021 වසරේ ජූලි 08 වන දින පාර්ලිමේන්තුව අසල පැවති  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට  එරෙහිව පැවති විරෝධතාවයකට සහභාගීවූ මෙම පිරිස නිරෝධායන නීති කඩකල බවට වූ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණත් පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් බස් රථයකට නංවාගෙන නිරෝධායනයට යැයි පවසා මුලතිව් හී ගුවන් හමුදා කදවුරකට යොමු කළා.

එහිදී, එම පිරිස පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේවෙතත්, එහිදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු පිරිසක් දින 8 ක කාලයක් මුලතිව් ගුවන් හමුදා කදවුරක බලහත්කාරයෙන් රඳවා තැබුණා.

අද දිනයේ එම නඩුවට අදාළ විත්තිකරුවන් 34 දෙනෙක් අද අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝස්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් නිරෝධානයට යොමු කර රඳවා තබා ගැනීම සම්බන්දයෙන් වර්තමාන පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...