27.5 C
Colombo
Wednesday, October 4, 2023

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර CID යට

- Advertisement -

ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු  සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
 
ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට ඔහුට යොමුකර ඇති ලිපියේ සඳහන්.

ඒ අනුව ඔහු අදාළ නිලධාරියා දුරකතන මාර්ගයෙන් අමතා සිදුකරන ලද විමසීමේදී උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවත්වාගෙන යන Youtube චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
 
තරිඳු උඩුවරගෙදර රාවය, අනිද්දා වැනි පුවත්පත්වල දීර්ඝ කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදියෙක් වන අතර ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වසර 02ක කාලයක් කටයුතු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...