31 C
Colombo
Thursday, April 18, 2024

අගමැති ගමන්ගත් ජෙට්යානය ගැන ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර කැදවයි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා තිරුපති වන්දනාවක ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මෙම පැමිණිල්ල සනාථ කිරීමට අදාළ ලේඛන යනාදිය රැගෙන එළැඹෙන සිකුරාදා පෙරවරු 9 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට එම කොමිෂමේ දූෂණ විමර්ශන තුන්වන අංශයේ ස්ථානාධිපති ඒ්.එච්.එම්.ජී. අබේසිංහ මහතා දැනුම්දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒ සඳහා ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩකරමින් අල්ලසක් ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමත් යන කරුණ සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.


RECENT ARTICLES - SINHALA

කැබ් – ලොරි අනතුරින් හතරක් රෝහලට

හොරණ - අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා...

ශ්‍රී ලාංකික තරුණියක් අඟහරු වෙත යන්න සුදානම්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.ස්වේච්ඡා සේවකයන් හතර...

රටට එන සංචාරකයන්ට කාලකණ්ණි වැඩ කරන්න එපා – ඩයනා ගමගේ

මෙරටට පැමිණෙන විදේශිකයන්ට අපහසුතා ඇති කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි පියවරගන්නා බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පවසනවා. ඇතැම් සුළු පිරිසක් නින්දිත ලෙස කටයුතු කරමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...