30 C
Colombo
Monday, March 20, 2023

නිරෝධායන දුක ගැන මාධ්‍යවේදිනිය පවිත්‍රාටම ලියයි

- Advertisement -

ස්වයං නිරෝධායනයේ සිටින තමා ගැන රජයෙන් සොයා නොබැලී යැයි සෞඛ්‍ය ඇමැතිනියට කළ පැමිණිල්ලකින් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ සොයා බැලූ සිදුවීමක් රාගම හොරපේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

තම පුත්‍රයාගේ රැකියා ස්ථානයේ කොවිඩ් ආසාදිතයකු වාර්තාවීමෙන් පසුව සිය පවුල නිවසේ නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව මෙසේ අසාධාරණයට ලක් වී යැයි සෞඛ්‍ය ඇමැතිනියට පැමිණිලි කර තිබුණේ ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩල ජනමාධ්‍යවේදිනී විනීතා එම්. ගමගේය.

වර්ග අඩි 3000 ක් ඇති තම නිවසේ පුත්‍රයා පමණක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට අවස්ථාව තිබියදී සිය දෛනික ආහාර අවශ්‍යතා හා ඖෂධ ආදී අත්‍යවශ්‍ය දේ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා රාගම හොරපේතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායන නිවසක් යැයි දැන්වීමක් අලවා යෑමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී යැයි විනීතා එම් ගමගේ මහත්මිය සෞඛ්‍ය ඇමැතිනියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

තමාගේත් ස්වාමි පුරුෂයාගේත් අත්‍යවශ්‍ය ඖෂධ අවසන් වී තිබීමත් නිවසේ ගෑස් ටැංකිය අවසන් වී තිබීමත් ආදී අවශ්‍යතා ගැන කරුණු දන්වන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වට්සැප් පණිවිඩයක් යැවූ විට ඔහු එය බලා කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වී යැයි ද පසුව දුරකථන ඇමතුම්වලට ද පිළිතුරු නොදී සිටියේ යැයි ද ඇය එහි කරුණු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අදාළ පැමිණිල්ලේ පිටපත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මානව හිමිකම් කොමිසමටත් රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටත් යොමු කිරීමට තමා කටයුතු කළේ යැයි ද ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක්ම තම නිවෙසට පැමිණ කරුණු විමසා තත්ත්වය ගැන ග්‍රාමනිලධාරිවරයාට දැන් වී යැයි විනීතා එම් ගමගේ මහත්මිය නිව්ස් 19 ට පැවැසුවාය.

ඉන් අනතුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වැලිසර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳ සැලක ලිපිනයකින් යුතු බඩු මල්ලක් නිවෙසට එවී යැයි ද ගමගේ මහත්මිය කීවාය.

නිරෝධායන වැඩපිළිවෙලේ සන්නිවේදන ක්‍රමය ගැන කරුණු විමසීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදීම නිව්ස් 19 ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.