24 C
Colombo
Tuesday, March 21, 2023

JRගෙ ආර්ථිකේ දැන් අවසන්..! – රනිල්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම කල් යන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එ, මහනුවරදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනත් තැනකින් මුදල් ලබාගත් පමණින් මෙම අර්බුද නොවිදෙන බවත් ඵු පෙන්වා දෙනවා.

එමෙන්ම, 1977 දී ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ආර්ථිකය දැන් අවසන් බවත් ජනාධිපතිවරයා පවසනවා.

“මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේදී (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග) එකඟත්වයකට ඇවිල්ලා. අගෝස්තු මාසයේ පළමු සතියේදී අයි.එම්.එෆ්. මණ්ඩලයෙන් අනුමත කර ගන්න. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසයේ අන්තිමට.

මොකද පළමු සතියෙන් පස්සේ නිවාඩු කාලේ. එතකොට අපිට අනුමත කරන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ විතර. මේ එකගතත්වය නැතිව වෙන කවුරුවත් එන්නේ නෑ.

අයි.එම්.එෆ්. ගිහින් එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා හිතන්න එපා මේ ප්‍රශ්ණේ විසඳෙයි කියලා. අපේ ණය බර තව වැඩිවෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ.

අපිට වැඩි වැඩියෙන් විදේශ විනිමය ඕන. අලුත් මාර්ග ඕන. අපේ කෘෂිකර්මය නවීකරණය වෙන්නේ ඕන. අපි මේ දිහා බලලා වැඩ කරනවද? නැත්නම් සටන් පාඨ කියනවද?

අපි මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් මේ රට නැතිවෙනවා. ඊළඟ පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද? නැගිටිනවද? කියන එක අපිට තියෙන අභියෝගය. අලුත් ලංකාවක් හදනවද?

අලුත් ශක්තිමත් මධ්‍යම පංතියක් හදනවද? අපි අපනයනයට බරවෙන ආර්ථිකයක් හදනවද? දැන් තියෙන ආර්ථිකය හැදුවේ 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. මම ඒකේ කොටසක් කාර‍යෙක්. ඒ ආර්ථිකයේ කාලේ දැන් ඉවරයි.”


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.