33 C
Colombo
Friday, April 19, 2024

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටින්න අධිකරණ ඇමති විජේදාසගේ පුතා අධිකරණයට

- Advertisement -

මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි සලකා බැලුණා.

එහිදී Skype තාක්ෂණය ඔස්සේ සැකකාර තිළිණි ප්‍රියමාලි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ස්ථිර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොමැතිවීම හේතුවෙන් නඩුව සලකා බැලුණේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේයි.

මෙහිදී මහා පරිමාණ මුල්‍ය වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබෙන තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන නීතිඥ මණ්ඩලයක්ද යන්න බොහෝ දෙනෙක් අවධානය යොමුකර සිටි අතර සියල්ලන් මවිතයට පත්කරමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියේ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ කණිෂ්ඨ නීතිඥ මණ්ඩලයයි.

එහිදි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධාන කණිෂ්ඨ නීතිඥයෙකු වන දසුන් නාගස්හේන මහතා නීතිඥ මණ්ඩලය මෙහෙය වනු ලැබුවා.

එමෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ මහතාද මෙම නීතිඥ මණ්ඩලයට ඇතුළත් වීම සුවිශේෂි වුණා.


RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...