26 C
Colombo
Wednesday, October 4, 2023

අධිකරණ අමාත්‍යාංශය මිලියන 400ක කුලියකට

- Advertisement -

අධිකරණ අමාත්‍යාංශය වසර දෙකක කාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 400ක කුලියකට ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයෑම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි සන්ඬේ ටයිම්ස් වාර්තා කර ඇත.

ඒ අනුව වර්ග අඩි 35,071ක බිම් කොටසක් ජනවාරි 01 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කුලියට ගැනීමට නියමිතය. 2021 වර්ෂය සඳහා මිලියන 233ක් සහ 2020 වර්ෂය සඳහා රුපියල් මිලියන 174ක් වෙන් කර ඇත.


මෙලෙස අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයෑමට හේතු වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුතින් පත් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවරුන් සඳහා අධිකරණ ගොඩනැගිල්ලක් ලෙස දැනට හල්ෆ්ට්ස්ඩ්‍රොප්හි අධිකරණ සංකීර්ණයෙහි පවතින අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ල බාරදීම සඳහාය.


රජයේ වියදම් අඩු කරගත යුතු බවට සංවාද පවතින කාලසීමාවක මෙතරම් අධික කුලියකට ගොඩනැගිල්ලක් ගැනීම විශාල නාස්තියක් බව ආණ්ඩුව අභ්‍යන්තරයේම සංවාද පවතින බව වාර්තා වේ. මීට පෙර ආණ්ඩුව අගමැති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් පත්‍රිකාවක් අනුව මාසයකට මිලියන 21ක පමණ මුදලකට කෘෂිකර්ම අමාත්‍යාංශය කුලියට ගත් අවස්ථාවේ මෙරට ජනමාධ්‍ය, සිවිල් සමාජය සහ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ එයට එරෙහිව අදහස් දක්වා තිබුණි.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...