ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් වලට පැමිණෙන ජනතාවට ජාතික ජන බලවේගයේ පිරිස අමතන්නේ ‘ගවයෝ’ යනුවෙන් බවත්, මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩොලර් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා නැති කළ බවත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (15) මහියංණයේ පැවති ජන රැළිය අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“ආර්ථිකය අනිත් පැත්තට කනපිට ගැහුවා. ජාතික ආරක්ෂාව විනාශ කළා. හැබැයි අපිව තියාගෙන මඩ ගහනවා මේ රට බංකොලොත් කෙරුවා කියලා. ඩොලර් ටික ගේන්න එපා කියලා කිව්වේ කවුද? සුනිල් හදුන්නෙත්ති. අනුරගේ මුදල් ඇමති කියලා තමයි කියන්නේ. මහින්ද මහත්තයා දිහා දැක්කත් ඇති, පුතා දිහාත් දැක්කත් ඇති. හොඳට පිං පාට දාලා, ලස්සන වෙලා.
අලුත් පිම්මක් පනින්න නාමල් රාජපක්ෂ මැතිතුමා අද ඉදිරිපත් වෙලා තියෙනවා කියලා අපි මතක් කරනවා. අපේ රැස්වීමට ආපහුවම ජෙප්පෝ කියනවා ඔය ඉන්නේ ගවයෝ කියලා. ඒ කියන්නේ එගෝල්ලොන්ට විරුදධ ඔක්කොම ජනතාව එගොල්ලෝ දකින්නේ හරක් විදිහට.”