27 C
Colombo
Saturday, April 20, 2024

Breaking: සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

- Advertisement -

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වන සමන්ත විද්‍යරත්න හා නාමල් කරුණරත්න ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොවීන් මුහුණ දෙන පොහොර ගැටළුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල – බෝරලන්ද ප්‍රදේශයේ මෙම විරෝධතාව පවත්වා තිබෙනවා.

අදාළ විරෝධතාවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රුපියල් 100,000 බැගින් වූ ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත් අදාළ විරෝධතාවයේදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට සම්බන්ධ වූ බැවින් සමන්ත විද්‍යරත්න සහ නාමල් කරුණරත්න ඇතුළු තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොතීසි නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ නිරෝධායන නීතිය උල්ලංඝණය කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව මීට දින කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යරත්න සහ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණරත්න අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...