30.6 C
Colombo
Thursday, April 25, 2024

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයට විදුලියත් නැති වෙන ලකුණු

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ විදුලිය සැපයුම මුලුමනින්ම පාහේ බිදවැටීමේ අනතුරක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්වයට හේතුවී ඇත්තේ එරට විදුලි සැපයුමෙන් හරි අඩ‍කටත් වඩා සපයනු ලබන මධ්‍යම ආසියානු රටවල විදුලි සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් සිදුකිරීමට තලේබාන් පාලනය අපොහොසත්වීමයි.

ඇෆ්ගනිස්තාන විදුලි අධිකාරියේ ප්‍රධානියාව සිට තනතුරෙන් ඉල්ලා අස්වූ ‍ඩාවුඩ් නූර්සායි සදහන් කර ඇති ආකාරයට මෙම තත්වය හේතුවෙන් එළඹෙන ශීත කාලයේදී ඇෆ්ගනිස්තානයේ දැවැන්ත මානුෂීය අර්බුදයක් හටගැනීමට ද ඉඩ තිබේ.

ඇෆ්ගනිස්තානයේ විදුලිය සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් තජිකිස්තානය, උස්බෙකිස්තානය සහ ටර්ක්මේනිස්තානය යන අසල්වැසි මධ්‍යම ආසියානු රටවලින් ආනයනය කෙරේ.

එරට තුළ සුළු වශයෙන් ජල විදුලි බල නිෂ්පාදනය සිදුකළද නියගය හේතුවෙන් මේ දිනවල එයද විශාල වශයෙන් අඩපණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...