කඩුවෙල, නවගමුව, මාළඹේ, සහ අතුරුගිරිය යන පොලිස් බල ප්‍රදේශයන්හී උද්ඝෝෂණ නොපවත්වන ලෙසට නියෝග කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (15) නියෝග කර සිටියා.
ඒ, සමගි ජනබලවේගය පක්ෂය විසින් ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත උද්ඝෝණය පිළිබඳව කඩුවෙල, නවගමුව, තලංගම, මාළඹේ සහ අතුරුගිරිය යන පොලිස් ස්ථාන කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන්, සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) (3) (5) වගන්ති ප්‍රකාරව මෙලෙස ආඥාවක් නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් පොලීසිය විසින් කරනු ලැබූ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අද ප්‍රතික්ෂේප කළා.