26.7 C
Colombo
Sunday, July 20, 2025

මට වඩා හොදට තනුජා පැහැර ගැනීම දන්නවා-කමනි

- Advertisement -

පසුගියදා පැවැති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව පවසමින් ජාතික ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම සහ ආධාරකරුවන් විශාල ආන්දෝලනයක් ඇතිකළ අතර ඒ හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීමේ කටයුතු කල්තැබීමට සිදුවුණා.

ජාතික ජනබලවේගය ආධාරකරුවන් ඇතුළු පිරිස් චෝදනා කළේ සමගි ජන බලවේගය විසින් තම මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවයි.

කෙසේවෙතත් පසුව ඔවුන් දෙදෙනා උණවටුන මුහුදු තීරයේදී හමුවී තිබුණු අතර ඔවුන් පවසා තිබුණේ කැබ් රථයකින් පැමිණි පිරිසක් තමන්ව පැහැරගත් බවත් පසුව මෙම මුහුදු තීරයෙන් තමන්ව දමා ගිය බවත් ය.

මේ සම්බන්ධයෙන් පෙරේදා (04) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගය චෝදනා කළේ මේ පැහැරගැනීමේ සිද්ධිය ආණ්ඩු පක්ෂය විසින්ම කළ නාට්‍යක් බවයි.

එහිදී සිද්ධිය ඇසින් දුටු බව කියන කාන්තාවක් පවසා තිබුණේ පැහැරගැනීමක් වැනි යමක් නොදුටු බවත් අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා බොහෝ සතුටින් යුතුව වාහනයක නැගී යනු දුටු බවත් ය.

මීට පිළිතුරු දීම සඳහා ජාතික ජන බලවේගය විසින් ඊයේ (05) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර පැහැරගැනීමට ලක්වූ බව කියන මන්ත්‍රීවරුන් දෙදෙනා ද ඊට සහභාගී වී සිටියා.

එහිදී පැහැරගැනීමට ලක්වූ බව කියන අජිත් ප්‍රියන්ත මන්ත්‍රීවරයා ,

“අපි දන්නා කරුණු සියල්ලක්ම ඒ නීතිය කරගෙන යාම සඳහා ඒ අයට ඒ සයෝගය දීලා තියෙනවා. ඒ දීලා තියෙද්දී දිගින් දිගට අපට විරුද්ධව මඩ අවලාද ගහනවා වගේම මේක නොමග යැවීම සඳහා විවිධ කටයුතු කරනවා. ඒ වගේම මේ අය කියනවා කිසිම බයක් නැතිව ඒ ආපු අයත් එක්ක ගියා, කිසිම සීරීමක්වත් නෑ, කිසිම අරගලයක් නැතිව ෆයිට් කරන්නෙ නැතිව වාහනේට නැග්ගා කියලා. මටත් තියෙනවා මරණ බය කියලා එකක්. මටත් ළමයි ඉන්නවා. මගේ ළමයින්ට මම ආදරෙයි තාත්තා කෙනෙක් හැටියට. ඒ සහෝදරීටයි මටයි එතන කරන්න පුළුවන් ෆයිට් එකක් තිබුණෙ නෑ. ඒක නිසා අපි එයාලාට යටත් වුණා. ඒ ඇරෙන්න වෙන දෙයක් එතන වුණේ නෑ. මෙයාලා අපට අද්භූත චොදනා කරනවා හොටෙල්වල ඉඳලා අහුවුණා, නිරුවත හෙළිවුණා වගේ සමාජ මාධ්‍යවල විවිධාකාරව පෞද්ගලිකව නින්දා අපහාස කරනවා. හිටපු සභාපති බැට්ටගේ මහත්තයාත් සමග ඒ ඉන්න නඩය තමයි මේ දේවල් කරන්නෙ කියලා ඊයෙ මාධ්‍ය සාකච්ඡාවෙන් මනාව පැහැදිලි වෙනවා”

පැහැරගැනීමට ලක්වූ බව කියන කමනි අල්විස් මන්ත්‍රීවරිය ,

“ඊයෙ පෙරේදා සර්වජන බලයෙන් ඉල්ලපු අපේ තනූජා මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියනවා මම බැහැලා වාහනේට නැග්ග කතාවක්. ඔය කියන තනූජාගෙ ගෙදර ගාවින් යද්දී තනූජායි තනූජාගෙ මහත්තයයි කෝල් එකක හිටියා, පිටිපස්ස හැරිලා බැලුවාම මමත් අත වැනුවා, එයාත් මට අත වැනුවා. ඔය සිද්ධිය වුණේ ඉස්සරහට ඇවිල්ලා කිලෝමීටරයක් විතර වුණාට පස්සෙ. දැන් තනූජා කියනවානෙ මම වාහනේට නගිනවා දැක්කා, බොහොම සතුටින් ගියා දැක්කා කියලා. ඇත්තටම මම සතුටින් තමා ගියේ, ඉස් ඉස්සෙල්ලාම සභාවට යන දවස. තනූජා කියනවා මම විසින් වාහනයක් ගෙන්නාගෙන මම විසින්ම පැහැරගෙන ගිය කතාවක්. එතකොට මට වඩා හොඳට තනූජා මේ සම්බන්ධව දන්නවා. තනූජාගෙ ගෙදරයි ඔය සිද්ධිය වෙච්ච තැනයි අතරේ ලොකු දුරක් තියෙනවා. එක්කො තනූජා මගෙ පස්සෙන් ඇවිල්ලා තියෙනවා. පස්සෙන් එන්න ඇත්තෙත් මොනවාහරි දන්න නිසානෙ. එහෙම නැත්නම් එයා කාටහරි කෝල් දීලා තොරතුරු බලලා, මොනවාහරි සිදුවීමක් වෙලා තියෙනවා”

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES