26.7 C
Colombo
Saturday, June 14, 2025

කමිඳුටත් IPL සම්මානයක්

- Advertisement -

ඊයේ (03) අහමාදාබාද් නුවර දී පැවති අවසාන මහා තරගයත් සමගින් 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගමාලාව අවසන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට ශූරතාවය අත්කර දෙමින්.

අවසාන මහා තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද මෙවර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිදුවීමක් වී තිබුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ ‘තරගාවලියේ උඩපන්දුව‘ (Catch of the season) වෙනුවෙන්.

ඔහුට හිමි ත්‍යාගය මෙවර රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලබා ගත්තා.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර මෙවර මූලික වටයේ පැවති තරගයේ දී කමිඳු මෙන්ඩිස් මෙම ඇදහිය නොහැකි උඩපන්දුව රැක ගැනීමට සමත්වුණා.

එහිදී චෙන්නායි පිලේ Dewald Brevis, මිඩ් ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ පහරක්, ලෝන් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් රැකගත්තේ සිය වම්පසට දිවයමින් ගුවනේ පාවෙමින්.

එය IPL ඉතිහාසයේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ඉතිහාසය පුරාවටම අනගිභවනීය උඩපන්දුවක් ලෙසින් වාර්තා පොත් අතරට එක්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...