27.7 C
Colombo
Thursday, April 25, 2024

පකිස්තානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ පෙළපාලි

- Advertisement -

ඇෆ්ගනිස්ථානයට මෑතදී පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට විරෝධය පළ කරමින් දහස් ගණනක ජනතාවක් කන්දහාර් හි දී විරෝධතා දක්වා තිබේ.

අප්‍රේල් 16 දා පාකිස්තාන හමුදාව කොඑස්ට් පළාතේ ස්පිරි ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර කුනාර් පළාතේ ෂිල්ටන් දිස්ත්‍රික්කයට ෂෙල් ප්‍රහාර එල්ල කළේය.

මෙහිදී සිවිල් වැසියන් 40 ක පමණ පිරිසක් මියගිය බවට වාර්තා විය.

මී‍ට විරෝධය පළ කරමින් කන්දහාර්හි පෙළපාලි ගිය ඇ‍ෆ්ගන් වැසියෝ පාකිස්ථානයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන ලෙස තලේබාන් පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ.

මීට පෙර ගිනිකොනදිග කොඑස්ට් සහ නැඟෙනහිර නන්ගර්හාර් පළාත්වල පදිංචිකරුවෝද මෙම ගුවන් ප්‍රහාරවලට විරෝධය දක්වමින් විරෝධතා රැස්වීම් පැවැත්වූහ.

ඇෆ්ගනිස්තානයේ සිට එල්ල කෙරැණු ප්‍රහාරයක් හේතුවෙන් තම හමුදා සාමාජිකයන් පිරිසක් මියයාම හේතුවෙන් පකිස්තානය මෙම ප්‍රහාර එල්ල කළේය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...