33 C
Colombo
Saturday, April 20, 2024

මාස විස්සකට පසු ඉන්දියාව සහ පකිස්තානය යා කෙරෙන කර්තර්පූර් කොරිඩෝව විවෘත කෙරේ

- Advertisement -

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස විස්සක පමණ කාලයක් වසා දමා තිබූ ඉන්දියාව සහ පකිස්තානය අතර වන කර්තර්පූර් කොරිඩෝව විවෘත කර තිබේ.

ඒ අනුව මේ මස 22 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙන සීක් දහමේ නිර්මාතෘ ගුරුනානක් දේව්ගේ 552 වන ජන්ම දින සැමරුමට සහභාගීවීමට ඔහු උපත ලැබූ නන්කානා සාහිබ් ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන වෙත යාමට ඉන්දීය සීක් බැතිමතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

දැනටමත් පකිස්තානය විසින් ඒ සදහා ඉන්දීය සීක් බැතිමතුන් තුන්දහසකට පමණ වීසා ද නිකුත් කර ඇති බව සදහන් වේ.

සීක් දහමේ වැදගත් දේවස්ථාන රැසක් පකිස්තානය තුළ පිහිටා ඇති අතර ඉන්දියාවේ සිටින සීක් බැතිමත්හු විවිධ වැදගත් උත්සවවලදී කර්තර්පූර් කොරිඩෝව හරහා ගමන් කරමින් ඒවාට සහභාගි වෙති.

කෙසේවෙතත් කෝවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ මීට පෙර අවස්ථා දෙකකදීම පකිස්තානය ඉන්දීය සීක් බැතිමතුන්ට කර්තර්පූර් කොරිඩෝව හරහා යාමට වීසා නිකුත් කිරීම ප්‍රතික්⁣ෂේප කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...