27.2 C
Colombo
Saturday, June 21, 2025

කතරගම – මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

- Advertisement -

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දමන බව පොලිසිය පවසනවා.

ඒ අනුව, පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙන්නේ, පෙරෙහැර සඳහා විශාල බැතිමතුන් පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිත බැවින් වාහන ගමනාගමනයට බාධා එල්ල වන බවත්, වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

එම කාලය තුළ තංගල්ල හෝ කතරගම දෙස සිට මාතර දෙසට යන වාහන විකල්ප මාර්ගයක් ලෙස තලල්ල කාර්මික විද්‍යාලය අසලින් දකුණට ඇති නාඔටුන්න මාර්ගයේ ගමන්කර, වියන්නරුව හංදිය සිට කැකනදුර රත්මලේ මාර්ගයෙන් කැකනදුර දෙසට ධාවනය කර, එතැන් සිට කැකනදුර හංදියෙන් මාතර කැකනදුර මාර්ගයේ මැදවත්ත හංදියට ධාවනය කර එතැන් සිට මාතර දෙසට ගමන්කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට යන වාහන මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකි බවයි.

තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන සියළු රථවාහන දෙව්නුවර ඉන්දන පිරවුම්හල අසල දක්වා ධාවනය කල හැකි බවද පොලීසිය මහ ජනතාවට දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES