33 C
Colombo
Tuesday, April 16, 2024

සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් කාවින්ද ජිනීවා යයි (වීඩියෝ)

- Advertisement -

සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව සිදුකරන අපකීර්තියට සහ පීඩනයට එරෙහිව තමා පුද්ගලිකව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

ඒ, යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට සහභාගී වෙමින්.

පාස්කු ප්‍රහාරයට අදාල ගැටළුව රට තුළ නොවිසඳෙන්නේ නම් රටම එකතු වී මේ පිළිබඳව ජාත්‍යන්තරයට පැවසිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

“ඔයාගෙ ගෙදරට කවුරුහරි පැනලා ඔයාගෙ පවුලේ කාටහරි පිහියෙන් ඇන්නොත්, ඔයාට හිතෙන්නෙ නැද්ද මේ මිනිහා කවුද, මේ මිනිහට පිහිය දුන්නේ කවුද කියලා හොයන්න? මේ මිනිහට දඬුවම් දෙන්න ඕනෙ කියලා ඔයාට හැඟීමක් එන්නේ නැද්ද? මේ අපේ රටේ මිනිස්සු මැරුණේ. මේක ලඝු කරන්නෙපා කතෝලික පිරිසක් කියලා” යැයි ඔහු පවසනවා.

ශ්‍රී ලංකාව තුල සංහිදියාව ගොඩනැඟීමට ඉඩ නොදෙන්නේ දේශපාලඥයන් බවත් ජාතිවාදයෙන් පෝෂණය වන දේශපාලන කණ්ඩායම් බිහිව ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එබැවින්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව නිසි විමර්ශනයන් සිදු නොකොට, ඒ වෙනුවට යුක්තිය ඉල්ලන සිරිල් ගාමිණී පියතුමන්ව වරින් වර අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට කැඳවීම ඉතාමත් නුසුදුසු ක්‍රියාවක් බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

විදෙස් ආයෝජකයන්ගෙන් ලංකාවට කොළ එළියක්

ආයෝජන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 75කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...