24 C
Colombo
Sunday, January 19, 2025

කීර්තිගේ ආණ්ඩුකාරකම අතුරුදහන්

- Advertisement -

කලක් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ආණ්ඩුකාර ධූරය අහිමි වූ පසුවත් ඔහුගේ ෆේස්බුක් පිටුව ‘Governor Rajith Keerthi Tennakoon’ ලෙස දක්වමින් නොමඟ යවන සුළු ලෙස භාවිතා කරන අයුරු පසුගිය සතියේ News19 අනාවරණය කළා.

කෙසේවෙතත් මේවන විට අදාළ ෆේස්බුක් පිටුව අක්‍රීය කර දැමීමට කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කර තිබෙනවා.

https://www.facebook.com/gov.keerthitennakoon

අදාළ ෆේස්බුක් පිටුව පිළිබදව ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී කීර්ති තෙන්නකෝන් ෆේස්බුක් සටහනක් පලකරමින් සදහන් කළේ ෆේස්බුක් පිටුවේ ‘ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්’ ලෙසට සටහන් වුවද එම පිටුවේ Bio එකෙහි තමන් හිටපු ආණ්ඩුකාරවයෙක් ලෙස දක්වා ඇති බවයි.

මෙහි වඩාත් හාස්‍යජනක සිදුවීම වූයේ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ‘ආචාර්ය’, ‘මහාචාර්ය’ යන තමන්ට නොමැති ‘තනතුරු නාම’ තමන්ගේ නම ඉදිරියේ භාවිතා කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව ප්‍රශ්න කරන කීර්ති තෙන්නකෝන්ද එවැනිම ෆේස්බුක් පිටුවක් නඩත්තු කරමින් සිටීම බව අප මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මේ වන විට අදාළ පිටුව වෙනුවට කීර්ති තෙන්නකෝන් මහතා නව ෆේස්බුක් පිටුවක් ඇති බවට ඔහු නඩත්තු කරමින් සිටින WhatsApp ගිණුම් හරහාද මහජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.

තමන් ආණ්ඩුකාරවරයෙක් බව හැඟවෙන ඔහුගේ ෆේස්බුක් පිටුව පිළිබදව පලකළ පෙර ලිපිය පහතින්, 👇

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES