මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ, කර්මාන්තශාලා තුළින්ම රෝහල් කරා බෙදාහරින කාර්යක්ෂම වැඩපිලිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, පවතින ඖෂධ තත්ත්වය සොයා බැලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
ඒ අනුව, රෝහල්වල අවශ්‍යතා අනුව ඖෂධ සහ උපකරණ වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වීමකින් තොර ව රෝහල් කරා යොමු කරන ලෙසත් එහි පූර්ණ අධීක්ෂණය වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදු කළ යුතු බවටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල හට ඊයේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබුවා.
ඒ, 2011 ඔක්තෝම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසීය අසූ හතරයි ශත හතළිස් පහක් යොදා සිය පෞද්ගලික දුරකතන බිල ගෙවීමට එම සංස්ථාවේ සභාපතිවරයා පෙළබවීම සහ එකී දුරකතන බිල ගෙවීම ඇතුළු චෝදනා යටතේයි