32 C
Colombo
Friday, March 29, 2024

කෙහෙළිය ඉන්දියාවෙන් ඔක්සිජන් ඉල්ලයි

- Advertisement -

මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රමුඛ අවදානයක් යොමුකරන්නැයි මෙරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.

අද (25) සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ මෙම හමුව කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පළමු නිල හමුව වනවා.

මීට අමතරව Tocilizumad ඖෂධය (Tozi) මෙරටට ලබාදීම කෙරෙහිද ඉන්දියාවේ අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.

කොවිඩ් ව්‍යසනය මර්දනය වෙනුවෙන් දෙරටම අභියෝගයකට මුහුණ දී ඇති බවත් දෙරට මුහුණ දෙන අභියෝගාත්මක ක්‍රමවේදයන්හි ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම මිත්‍ර රටවල් ලෙස අතිශය වැදගත් බවත් මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා.

May be an image of 1 person, sitting and indoor
May be an image of 1 person, sitting, suit and indoor

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...