30.4 C
Colombo
Wednesday, April 24, 2024

ගෝටා-ගෝ-ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!

- Advertisement -

ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙසට උද්ඝෝෂණය කළත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට ඔහු අභියෝගයක් ද එල්ල කර සිටිනවා.

ඔහු ඒ බව අවධාරණය කර සිටියේ පෙරේදා (16) දින මහනුවරදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා,

“පාර්ලිමේන්තුවේ 225 ඉවත් වෙලා අපි ඊළඟට රටේ පාලනය භාර දෙන්නේ කාටද කියන ප්‍රශ්නය තිබෙනවා. එහෙම බාරදෙන යාන්ත්‍රණ කුමක්ද කියලා මේ යෝජනා ඉදිරිපත් කරන අයගෙන් මම අහනවා. මේ කියන විදිහට විපක්ෂයට රට බාර දෙන්නත් බැහැ. මොකද මේ අය කියන්නේ 225 අයින් වෙන්න ඕනෑ කියලයි.

ගාලූමුවදොරට එක්වී සිටින පිරිස් අතර බුද්ධිමතුන් ඉන්න බව කියනවා. ඒ අයට රට බාර දෙන්න යෝජනා කරනවා. මෙලෙස රටක පාලන භාරදීමේ ක්‍රමවේදයක් ලෝක දේශපාලන ඉතිහාසය තුළ මා දැක නැහැ. අදාළ ක්‍රමවේදය පැකේජයක් ලෙස ඉදිරිපත් කළොත් අපි සලකා බලනවා. මේවගේ එල්ලිලා ඉන්න අපිට අවශ්‍යතාවයක් නැහැ දේශපාලනය හැර කරන්න විකල්ප දේවල් ඕන තරම් අපිට තියෙනවා.”


RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන...

ඉරාන ජනපති දිවයිනට

ඉරාන ජනාධිපති  ඊබ්‍රාහිම් රයිසි මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර මත්තල ගුවන් තොටුපළ වෙත ළඟා...

අනුර-සජිත් විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා. අදාළ විවාදය නීති විද්‍යාල...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...