30 C
Colombo
Monday, April 21, 2025

කෙහෙළි​ය මාස හතරකින් ගෙවල් කුලී ගෙවලා නැ​හැ

- Advertisement -

මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා.

අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබුණා.

එලෙ​ස ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට අය වී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පවසනවා.

හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතරවී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

නමු​ත් ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසවල මුදල් අය කර ගැනීමේ බලය ඇතත් පිටස්තර නිවාස වල මුදල් අය කර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවයි.

එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළ කොට ලිපියක් ලබාදෙන්නේ නම් එම මුදල් අය කර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බව එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයාගෙන් ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කොට ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැ​බී නොමැති බවද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසනවා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

POPULAR ARTICLES