සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවයි.
ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එහිදී නියෝග කර තිබෙනවා..
රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් මාස අටක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරිනු ලැබුවා.