කෙන්යාවෙන් බිහිවූ දක්ෂ මළල ක්‍රීඩිකාවක් වන ඇග්නස් ටිරොප් ඇයගේ නිවසේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඝාතනය කර සිටි ඇග්නස්ගේ මෘත දේහය දුර දිවීමේ ක්‍රීඩකයන් හට පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධ ඉටෙන් නගරයේ පිහිටි ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර ඇයගේ සැමියා සැකකරුවෙක් ලෙස මේ වන විට හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහු මේ වන විටත් අතුරුදන්ව ඇති බව එරට ප්‍රාන්ත පොලීසිය සදහන් කරනවා.
25 හැවිරිදි ඇග්නස් අතුරුදහන්ව ඇති බවට ඇයගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ඇයගේ ගෙළට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර දමා ඇති බවට පොලීසිය සොයා ගෙන තිබෙනවා.
ඇග්නස් ටිරොප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාද සිය දැඩි සංවේගය පල කර සිටිනවා.
ජාත්‍යන්තර කෙලිබිමේ දක්ෂ ක්‍රීඩිකාවක් වන ඇග්නස් 2017 සහ 2019 ලෝක ශූරතාවලියේදී මීටර් 10,000 කාන්තා කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගත් අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 5000 ධාවන තරඟයේ සිව්වන ස්ථානයට පත්වුණා.
එමෙන්ම පසුගිය මස ජර්මනියේදී පැවති කාන්තා කිලෝමීටර් 10 ධාවන තරඟයේ එතෙක් පැවති ලෝක වාර්තාව බිද දමමින් ටිරොප් නව ලෝක වාර්තාවක්ද බිහිකළා.
මිය යන විට ඇග්නස් ටිරොප්ගේ වයස අවුරුදු 26 ක් වනවා.