32 C
Colombo
Friday, April 19, 2024

කෙරවලපිටිය බලාගාරය: ජනපති සමඟ සාකච්ඡාව අද නොවේ, හෙට

- Advertisement -

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් 40% ක් ඇමරිකානු New Forstress Inc සමාගමට ලබා දීමට ඇති කර ගත් එකඟතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයට අනුබද්ධ පාර්ශවයන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදාළ ගිවිසුම ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ හමුවක් ඉල්ලා රජයට සම්බන්ධ පක්ෂ 11 ක නායකයින් විසින් යොමු කරන ලද ලිපියකට ප්රතිචාර දක්වමිනි.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට ලිපියකින් දැනුම් දුන් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් එවන ලද ප්‍රතිචාර ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක නායකයින් ඊයේ (16) හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී රැස්විය.

යුගදනවි විදුලි බලාගාරයේ කොටස් වලින් 40% ක් ඇමරිකානු නිව් ෆෝට්‍රස් ඉන්කෝපරේෂන් වෙත පවරා දීමේ ගිවිසුම ගැන කනස්සල්ලට පත් වන බව දන්වමින් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් 11ක් සැප්තැම්බර් 23 වන දින අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ අතර එම පක්ෂ නායකයින් මෙම කරුණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවන බව පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක නියෝජිතයින් සහභාගී වූහ.

කෙසේ වෙතත් මේ දක්වා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට ඉඩ ලැබී නොමැති පසුබිමක ලබන 23 වැනිදා රැස් වී සාකච්ඡා කිරීමටද ඔවුන් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...