තලේබාන් පාලනය විසින් අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම හේතුවෙන් පකිස්තාන ජාතික ගුවන් සේවය ඉස්ලාමාබාද් සිට කාබුල් දක්වා වන ගුවන් ගමන් නවතා දමා තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ තලේබාන් බලධාරීන් වරින්වර රෙගුලාසි වෙනස් කරමින් විවිධ අවසර පත්‍ර හදුන්වා දෙමින් සහ ගුවන් යානාවල රැගෙන යා හැකි මගීන් ගණන සීමා කරමින් කටයුතු කිරීම හේතුවෙන් පකිස්තාන ගුවන් සේවය මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම කරුණු සළකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක හේතු පදනම් කරගෙන කාබුල් දක්වා වන ගුවන් ගමන් නවතා දැමූ බව පකිස්තාන ජාතික ගුවන් සේවය සදහන් කළේය.
දින නියමයක් නොමැතිව සිදු කළ මෙම ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ඇෆ්ගනිස්තානය සහ ලෝකයේ සෙසු රටවල් අතර වන ගුවන් ගමන් බෙහෙවින් සීමා වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.