30 C
Colombo
Thursday, January 16, 2025

කෝලිට ICCයෙන් දඩයක්

- Advertisement -

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

India Today පුවත් සේවය වාර්තා කළේ, ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් ගේ උරහිසෙහි ගැටී ඔහු සමග මතභේදයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් විරාත් කෝලිගේ තරග ගාස්තුවෙන් 20%ක් දඩයක් ලෙස අය කරගැනීමටත් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

තරගයේ පළමු දිනයේ 10 වැනි පන්දු ඕවරය අවසානයේදී කෝලි කොන්ටාස් වෙස ඇවිද ගොස් උවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොන්ටාස් වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා.

19 හැවිරිදි මෙම කොන්ටාස් ග්‍රීක සම්බවයක් සහිත ක්‍රීඩකයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලී සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බව‍යි.

මේ අතර, හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන කෝලී එම ගැටුම නිර්මාණය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...