27 C
Colombo
Saturday, May 24, 2025

කොටහේන දැරියගේ සිදුවීම: වැඩිදුර විමර්ශන ඇරඹෙයි

- Advertisement -

කොටහේන ප්‍රදේශයේදී දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවරණ හා විමර්ශන කාර්යාංශයේ 109 දරණ හදිසි දුරකතන අංකයට තුන්වන පාර්ශ්වයක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

දැරිය සහභාගී වූ උපකාරක පංතියකදී එම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින්, දරුවන් ඉදිරියේ මියගිය දැරියව මානසික පීඩනයට පත්කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය හා බම්බලපිිටිය පොලිසිය විසින් සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

පොලීසිය පෙන්වා දෙන්නේ, දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී අදාළ සිදුවීමට මුහුණදී ඇති බවයි,

මේ අතර, දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ ගුරුවරයෙකුගේ අතවරයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර පසුගිය ජනවාරි 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුවරයා ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබුණා.

මේ වන විට සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර එම නඩුව ලබන 19 වැනිදා යලි කැඳවීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES