කොත්තුවක් රුපියල් 100 කින් ඉහළට

පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන්ද කඩ හිමියන් විසින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කොත්තුවක් රුපියල් 100කින් පමණ හාබිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 15 ත් අතර මුදලකින් ඉහළ දමාඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.